Wednesday, January 4, 2012

මොනවද මේ ර්‍ග්‍රීන් තේ ?

ගොඩක් අය බීල නම් ඇති. ඒත් ග්‍රීන් ටී කියන්නෙ මෙනවද, ඇයි අපි ඒවා බොන්නෙ, මොනවද තියන වාසි ඒව නම් ගොඩක් අය දන්නෙනැතිවත් ඇති. මේක මුලින්ම හදුන්වා දීල තියන්නෙ ආසියවෙන්,  හරියටම කියනවනම් චීන රටින් තමයි. අවුරුදු ගණනාවක් පැරණී ඉතිහාසයකට උරුමකම් කියන චීන‍යේ  මේ ග්‍රීන් ටී බොහොම ප්‍රසිද්ධයි.කොච්චරද කියනවනම් තේ කියන්නෙ අපිට ගේම ඔවුන්ටත නැතිවම බැරි අංගයක්. අමුත්තෙකු ගෙදරට ආවිට ඔවුන්ට තේපැන් සන්ග්‍රහ කිරීම අනිවාර්ය අංගයක්. ආසියාවේ ප්‍රචලිත මේ ග්‍රීන් තේ ඔන්න දඅන් බටහිර රටවලුත් ඈද ගන. මොකද මේක රසවත් පානයක් වගේම දැනට වෙළද පලේ ඇති වෙළද බාන්ඩ වලින් ශරීරයට ගුණදායී වන සීමිත බාන්ඩ අතරින් එකක් ලෙස මෙය හැදින්විය හැකියි. මේක නිපදවාගන්නෙ Camellia sinensis  කියන ශාකයේ පත්‍ර වලින්. දැනට ලොකයේ විශාල ප්‍රමාණයක් විසින් කෝපි වර්ග පානය කරණු ලබනවා, නමුත් මෙහි කැෆීන් අඩංගු බැවින් දීර්ඝ කාලීන පරිහරනය ශරීරයට සුදුසු නැහැ. නමුත් ග්‍රීන් තේ වලත් ඉතාමත් සුලු වශයෙන් කැෆීන් ඇතැයි දැනට සොයාගන තිබුනත් එය කෝපි කෝප්පයක් හා සසදා බලනකල සැලකිය නොහැකි ප්‍රමාණයක්. මේ ආකාරයට ශරීරයට හිතකර ග්‍රීන් ටී අපි පාවිච්චි කලයුත්තෙ ඇයි දැයි කරුනු කිහිපයක් ඔස්සෙ සොයා බලමු.

1. පිළිකා රෝගය-
පර්යේෂන කරුවන් විසින් සොයාගන ඇති ආකාරයට ග්‍රීන් තේ පානය කරන්නන් හට අන් අයට සාපේක්ෂව  කැන්සර් රෝගය සෑදීමට ඇති අවස්ථාව අඩුය. පිළිකා රෝගය  ගැන ඔබට පැහැදිලි කිරීමට අවශ්‍ය නැත කිමද මෙය දැන් අපේ රටේ පවා පැතිරී ඇති මහා වසන්ගත තත්වයකි. 

2. දත් දිරායාම -
සෑම දිනකම ග්‍රින් තේ බීමෙන් අපගේ දත් දත් දිරායාම වලකාගත හැකි බව සොයාගන ඇත. දත් දිරායාම සදහා ඉවහල්වන බැක්ටීරියා සමග සටන්කොට ඒවා විනාශ කිරීමේ හැකියාවක් ග්‍රින්‍ තේ වලට ඇත.  

3. හෘද රෝග -
විෂේශයෙන් හෘදයාබාද හා හෘදය ආශ්‍රත විවිද රොග බොහොමකක් මින වලක්වනු ලබනවා.

4. තරබාරු කම -
නවතම පර්යේෂණ කටයුතු අනුව ග්‍රින් තේ මගින් ශරීරයේ ඇති අනවශ්‍ය මේදය දියකර හැරීමේ හැකියාව ඇතැයි සොයාගන තිබෙනවා. බොහෝ දුරට මේ දිනවල ශරීර බට අඩු කිරගැනීමට උනන්දුවෙන්නන් ග්‍රීන් තේ පාවිච්චියට ගන්නා බව ඔබ අසා ඇති.

5.මේ ආකාරයට දැනට නොකියවුනු හේතු බොහෝමයක් ඇති. චීනයේ මිනිසුන් අවුරුදු සියගණනකට පෙර සිට මෙය භාවිතා කරන අතර එහි ඇති වාසි ඔවුන් දැනට බුක්තිවිදී. ශරීර සෞඛය රැකගැනීමට හා රෝ වලින් මිදීමට. ඔබත් ග්‍රීන් ටී ජනතාව සමග එක්වන්න.



4 comments:

Anonymous said...

green te, Green Tea ho Kola te lesath
cancer rogaya, pilika lesath

niwaradi wanne nam lipiye aswabawika gathiya maga hari yawi sahodaraya...

Sumith Niriella said...

"ග්‍රීන් ටී" කියන එක තමයි ජනප්‍රිය වචනය "කොළ තේ" නෙවෙයි. ඒ වගේම "ග්‍රීන් තේ" ත් නෙවෙයි.
හැබැයි "කැන්සර් රෝගය" කියන එක නම් වැරදියි. එය "පිළිකා රෝගය" වශයෙන් නිවැරදි වෙන්න ඕන. ඇනෝ සහෝදරයා කියන්නෙ ලිපිය සිංහලම වුනානම් හොදයි කියන අදහසින් නම් මම ඊට එකගයි. ඒත් සහෝදරයා ඔයාටත් සිංලෙන් ටයිප් කරන්න අමාරුයි වගේ නේද ? සිංහල unicode දාගෙන ටයිප් කරන්න.. වැඩේ එච්චර අමාරු නෑ.

Anonymous said...

ස්තුතියි සහෝදරයා මම නිවැරදි කරන්නම්.

Anonymous said...

වටින අදහස් ටිකක්....

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes | Best Web Hosting