ෆේස්බුක් වෙබ්අඩවිය අද සමාජයේඅපට නැතිවම බැරි අංගයක්වෙලා. පැරණි මිතුරන් හමුව, නව මිතුරන් සොයාගැනීම, ආදී වශයෙන් විශාල සමාජ සේවයක් මෙමගින් ඉටුකරනු ලබනවා. නමුත් මෙහි ඇති විවෘත බාවය නිසා අද මිනිසුන්ගේ පෞද්ගලිකත්වයට හානිවන අවස්ථා බොහොමයි. ෆේස්බ්ක් මගින් තමාගේ පුද්ගලිකත්වය රැකගැනීමට විවිද ආරක්ෂක පද්දති සකස්කර තිබුනත් බොහෝදෙනාට ඒ පිලිබද දැනීමක් නොමැතිකම නිසාත් මේ තත්වය උද්ගතවී තිබෙනවා. ගාර්ඩියන් වෙබ් අඩවියේ වාර්ථාවකට අනුව වසර හතරක් පුරාවට ඇමරිකාවේ පොලිස් නිලධාරීන් ෆේස්බුක් වෙබ්අඩවිය නිසා රැකියාවෙන් නෙරපූ පොලිස් නිලධාරීන් දෙදෙනෙකුත්, රැකියාවෙන් ඉල්ලා අස්වූ 07දෙනෙකුත්, විනය කඩකරන ක්‍රියාවන් පලකිරීම පින්තූර පලකිරීම ආදී විවිද කාරනා නිසා 150කට අදික ප්‍රමාණයක් වරදකරුවන් වී තිබෙනවා. මෙම සමීක්ෂනය අනුව සමාජය ආරක්ෂා කරන්නන් මේ ආකාරය නම් සාමන්‍ය ජනතාව විසින් සිදුවන වැරදි සිතාගත නොහැකි තරම්විය හැක.
මේ ආකාරයට දැඩි ලෙස කතාබහට ලක්වන තවත් මාතෘතාවක්ලෙස ෆේස්බුක් හරහා කසාදය රැකගැනීමට එල්ලවී ඇති බලපෑම නම්කල හැකියි. ඩිවොස් ඔන්ලයින් වෙබ් අඩවිය මගින් ඉදිරිපත්කර ඇති වාර්ථාවකට අනුව 2011 වසරේ පමනක් දික්කසාද වීම් අතුරින් 33% ක් ම මොනයම් ආකාරයකින් හෝ ෆේස්බුක් අඩවිය සම්බන්ධවී තිබෙනවා. මෙය 2009 වසරේ 19% ට සාපේක්ෂව විශාල ලෙස වැඩිවීමක්. මෙයට හේතුව ලෙස ඩිවොස් ඔන්ලයින් වෙබ් අඩවියේ වාර්ථාකරු මාර්ක් කීනන් පවසන්නේ යමෙකු කෙරෙහි ඇති ඇල්ම, කැමැත්ත පලකිරීමටත්, යමෙක් ගේ පලකිරීම්වලට විවිද වු අදහස් දැක්වීමටත් (හොද හෝ නරක) දැනට ඇති හොදම ස්තානය ෆේස්බුක් වෙබ් අඩවිය ලෙසයි.
මේ අකාරයට මෙමගින් සෑම ෆේස්බුක් පාවිච්චිකරන්නෙකුම අපහසුතාවට පත්වන්නෙ නෑ. අප විසින්ම කරනා වැරදි නිසා මේ තත්වය උද්ගතවී ඇති බව ඔහු තවදුරටත් පවසනවා.
ඔබත් මේ පිලිබද ප්‍රවේශමෙන් කටයුතු කරන්න යමක් පලකිරීමට හෝ පලකර ඇති ලිපයක් පින්තූරයක් හෝ වේවා අදහස් දැක්වීමට පෙර දෙවරක් සිතාබලන්න.

0 comments:
Post a Comment