Wednesday, January 4, 2012

වෙබ් පිටු ලිපිනය හා එහි වැදගත්කම



වෙබ්පිටු ලිපිනය ‍නොහොත් ඩොමේන් නේම් එකක් නෙතිබුනානම් අන්තර්ජාලයේ ඇති වෙබ් පිටු අපට දිස්වන්නේ අයිපී අංකයෙනි ‍(IP address). පරිඝණකයක් විසින් හෝ මිනිසා විසින් වෙබ් පිටු  හදුනාගන්නේ, තොරා බේරා ගන්නේ මෙම වෙබ් පිටුවලට පමණක් අනන්ය වූ අයිපී අංකයෙනි ‍නොහොත් IP address එක මගිනි. පසු කාලීනව අන්තර්ජාලය ප්‍රචලිතවීමත් භාවිතා කරන්නන් ගේ සංඛ්‍යාව ඉහල නැගීමත්, අන්තර්ජාලයට මුදා හැර ඇති වෙබ් පිටු ප්‍රමාණය දිනෙන් දින ඉහල යාමත් සමග (ගනන් බලා ඇති ආකාරයට දැනට වෙබ් අඩවි මිලියන 180 වකට වැඩිප්‍රමාණයක් පවතී) මෙම වෙබ් ලිපිනවලට පිවිසීම සදහා මෙම අයිපී අංකය ‍නොහොත් IP address එක මතක තබාගතයුතුවේ. මෙය කල නොහැක්ක් බැවින් පසුකාලීනව මෙම ඩොමේන් නේම් සන්කල්පය හදුන්වාදී ඇත. 


මේ ආකාරයට අප භාවිත කරන ඩොමේන් නේම්හි විශේෂ කොටස් කිහිපයකට බෙදාදැක්විය හැකියි. පලමුව යූආර්එල් ලිපිනය. එනම් (Uniform Resource Locator) මෙයින් කියවෙන්නේ වෙබ් අඩවිය කුමන ස්ථානයකට යන්නේද වග තීරණය කිරීමයි. ඉන්පසු http එයින් අදහස්වන්නේ වෙබ් බ්‍රව්සරය හයිපර්ටෙක්ස් සහිත වෙබ් අඩවියකට යාමට සුදනම් වියයුතු බවයි. සමහර අවස්ථාවලදී යූ ආර්එල් ලිපිනය ‍ftp ‍ විය හැකියි. මින් අදහස් කෙරෙන්නේ ෆයිල් ට්‍රන්සර් ප්‍රෙරොටකෝල් එනම් වෙබ් ඇඩිමින් නැතිනම් වෙබ් අඩවියේ අයිතිකරු විසින් වෙබ් අඩවිය වෙත පිවිසෙන්නන් හට එම අඩවියෙන් යමක් භාගත කීරීමට ඉඩ ප්‍රස්ථාව දී ඇති විටයි. දෙවනුව ප්‍රධාන අංගය වන්නේ www වර්ල්ඩ් වයිඩි වෙබ්. මෙයින් පරිගණකයට හා භාවිතාකරන්නන්ට පැවසෙන්නේ මෙය අන්තර්ජාලය හරහා සම්බන්දවන අතර මේ සමග අකුරු හෝ ඉලක්කන් සහිත ඩොමේන් නමක් ඉදිරිපත්වීමට නියමිත බවයි. ඩොමේන් නාමය වෙබ් අඩවියේ අනන්යතාව වන අතර මෙය හැකිතාක් දුරට කෙටි හෝ සරල වියයුතුය. මන්ද මෙම ලිපිනය පාඨකයන් හට පහසුවෙන් මතක තබාගැනීමට හැකි වියයුතුය උද Yahoo.com සරල වෙබ් ලිපිනයක් ලෙසද www.molestationnursery.com තරමක් සන්කීර්න වෙබ් ලිපිනයක් ලෙසද දැක්විය හැකිය.වර්ථමාන වෙබ් අඩවි නිර්මාණකරුවන් තම වෙබ් අඩවියේ සැකැස්ම නිර්මාණය කරනවාට වඩා වැඩි කාලයක් සාර්ථක ඩොමේන් නේම් එකක් සොයාගැනීම සදහා යොදවයි. මෙහිදී Google Yahoo වැනි ප්‍රබල සර්ච් එන්ජින් වලට හසුවන ආකාරයටත් සරලවත් මතක තබා ගැනීමට හැකිවන ආකාරයෙනුත් නිර්මාණය කරගතයුතු වේ.  තවද නිතරම සෙවුමට ලක්වන නොහොත් සර්ච්කිරීමට ලක්වන වචන යොදා ගැනීම ‍මෙම වෙබ් අඩවි පහසුවෙන් අප‍‍ගේ ඇස ගැටීමටත් ඉක්මනින් ප්‍රසිද්ධියටත් පත්කරගත හැක.


වෙබ් ලිපිනයේ අවසන් කොටස නැතහොත් එක්ස්ටෙන්ෂන්එක (.com, .lk, .jp, .org, .net)ලෙස හැදින්වෙන කොටස සලකා බලමු.  අද බහුලව භාවිතා වන .com එක්ස්ටෙන්ෂන්එක  මුලදී වෙළද (commercial) වෙබ් අඩවි  සදහා යොදාගැනුනත් අදවන විට එය ඔනෑම ආකාරයේ වෙබ් අඩවියක් සදහා යොදාගැනේ. බොහොවිට අනෙකුත් විවිදාකාර එක්ස්ටෙන්ෂන් වලින් බෙහොදුරට එම වෙබ් අඩවිය පලකල රට හදුන්වනු ලබයි. උදා lk, ශ්‍රී ලංකාව සදහාද .jp ජපානය සදහාද වෙන්වී ඇත.


සාර්ථක ඩොමේන් නේම් එකක් නිර්මාණය කරගැනීමෙන් පසු එම ලිපිනය වෙනත් අඩවියකට භාවිතා ‍නොකරන්නේද යන්න සොයාබලා ලිපිනය මිලදීගෙන වෙබ් අඩවිය ඇතුලු කර ගැනීමට වෙබ්හොස්ටින් ආයතනයක සේවයක සහය පැතිය යුතුය. මේ සදහා වසරක කාලයකට ඩොලර් 5 සිට  40 දක්වා ගණනක් වැයකිරීමට ඔබට සිදුවනු ඇත. මෙහි මිල රදාපවතින්නේ බොහෝවිට වෙබ්හොස්ටින් ආයතනය මතත් ඩොමේන් නේම් එකෙහි ඇති සාර්ථකත්වයත් මතයි. දැනට අන්තර්ජාලයේ නෙමිලේ වෙබ්හොස්ටින් පහසුකම් ලබාදෙන ආයතන පවතී. එහිදී ඔබට ඔවුන්ගේ ඩොමේන් ලිපිනය සමග අපගේ ලිපිනය පල කිරීමට සිදුවන අතර සමහර අවස්ථාවලදී ඔවුන්ගේ වෙළද දැන්වීම් පවා අපගේ වෙබ් අඩවිය තුල ප්‍රදර්ශනය කිරීමට සිදුවේ.




මීලග ලිපියෙන් සාර්ථක වෙබ් ලිපිනයක් සාදාගන්නා අකාරය පැහැදිලි කරනු ලැබේ.
 
මෙය කියවා යමක් ඉගෙනගත්තායැයි සිතමි.
 
Image and video hosting by Maina Koba


උපුටාගැනීම Anders Eriksson ගේ Domain Names යන ලිපියෙන්

3 comments:

Anonymous said...

aduma paid hosting dana ayatanaya mokakda(with good servise)

indika @ internet money said...

This is the best free hosting site i ever tested

Best free hosting

Malkoha said...

http://www.000webhost.com/ මේ අඩවිය මගින් දැනට හොදම කෙමිලේ සේවාවා ලබාදෙනවා.

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes | Best Web Hosting