Sunday, December 25, 2011

ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ආරම්භය

Wednesday, December 21, 2011

ඡීවිතයට පාඩමක්.......

ඔබ උදෑසන අවදිවන විටම ඔබට තොරාගැනීම සදහා සරල තීරණ දෙකක් ඇත.


1. ඔබ නැවත නින්දට ගොස් සිහින දකිනවාද ?

2. ඔබ අවදිවී එම සිහින සැබැ කරගැනීමට උත්සහකරනවාද ?


තීරණය ඔබේ අතේ.




Monday, December 19, 2011

කවුරුත් පාවිච්චි කරන අත්සන


මේ ලිපියෙන් මම කියන්න හදන්නෙ ඔබේ අත්සන සම්භන්ධයෙන් ඔබ නොදන්නා දේවල් ටිකක්. දැන් නම් මේක ලියන්න් වෙලා මදි. ඒත් අද වැඩට ගිහින් ගෙදර ආපු ගමන් ලියන්න පටන්ගන්නවා. කරුනු ටිකක් හොයාගන්නත් ඕනෙ.


තැචර් ආචරණය ගැන



මම මේ කියන්න යන්නේ මාගරට් තැචර් ගැනනම් නෙවෙයි. සමහරු දන්නව ඇති මේක දන්නෙනැති අය ගෙඩක් ඇති ඒකයි මම මේක ගැන පොඩි ලිපියක් ලියන්න හිතුවෙ. මෙය සිංහලෙන් තැචර් ආචරණය හෝ තැචර් මායාව කියල. මේ රූපය දිහා බලපුගමන් අපිට පේන්නෙ හින්දි නිලියක්, නම නම් මතක නෑ, මම හිනදි සිනමා රසිකයෙක් නෙමේ. කමක්නෑ කවුරැහරි කියමුකො. එයාගේ සාමන්‍ය පින්තූරයකුයි ඒකෙම යටකුරු පින්තූරයකුය. එහෙම නේද හැමෝටම පේන්නේ.ඒත් ඇත්ත ඒක නෙමෙයි. ඔයාලට ඇත්ත දැනගන්න ඕනෙනම් මේක පරිගණකයට සේව් කරගෙන අංශක 180  රොටේට් කරල  බලන්න. දැන්  දැක්ක  නේද  වෙනස
මේකත් අර ඉලූෂන් කියල ඉංග්‍රිසියෙන් කියන්නෙ. අන්න ඒ ගනයට අයිති වෙන ඇස් බැන්දුමක්. මෙහි ඉතිහාසය සොයා බැලීමේදී මෙම සංසිද්ධිය 1980 එංගලන්ත ජාතික පීටර් තෙම්සන් නැමැත්තෙකු විසින් මුලින්ම එලි දක්වා තිබුනා. එනම් ඔබ අප කව්රුත් දන්නා අග්‍රාමාත්‍ය  තැචර් මහත්මිය ගේ  ඡයාරූපයක්  ඇසුරින්. ඇගේ එම ඡයාරූපය ප්‍රසිද්දවීමත් සමග එම ඇස් රවටන මායාව තැචර් ඉ‍ෆෙක්ට් යනුවෙන් නම් කෙරුනා.

මේ දිස්වන්නේ 1980 වර්ශයේදී එංගලන්ත ජාතික පීටර් තෙම්සන් විසින්  එලි දක්වා තිබූ තැචර් මහත්මිය ගේ  ඡයාරූපය. ඒ අවදියේ ෆොටෝෂොප් ඉතින් අතින් තමයි ඒකයි කැපුම් පාරවල් පේන්නෙ දොස් කියන්න බෑ.
මේ අකාරය‍ට පින්තුරයක් සකස්කරගන්නේ කෙසේද? 


මෙහිදී සිදුවන්නෙ මුල් ඡයාරූපය හා යටිකුරු ඡයාරූපය ලෙස එකම ඡයාරූපය භාවිතා කලද. ඇස් හා කට යන දෙකම ඡයාරූප දෙකෙහිදීම උඩුකුරු අකාරයට නැතිනම් මුල් අකාරයටම සවිකර ගැනීම සිදුකර ගන්නවා. ඉන්න මම උදාහරණයක් පෙන්වන්නම්.









උඩුකුරු  ඡයාරූයෙන් කපාගත් කොටස


 කපාගත් කෙටස් යටිකුරු ඡයාරූපයට සවිකරගැනීම








ෆෝටෝෂොප් ආදරයෙන් ඒජස් මකාගැනීමෙන් පසු දිස්වන ආකාරය. ඔබට පෙනෙන පරිදි කිසිදු අමුත්තක් නැත.








නමුත් අංශක 180 වකට ඡයාරූපය හැරවීමෙන් පසුව දිස්වන ආකාරය. 

 ඔබට මේ පිළිබදව අවබෝධයක්  ලබාගත්තා යයි සිතමි. ලිපියේ ටයිපින් වැරදි ඇති ගනන් ගන්න එපා කියවගන්න පුලුවන්නෙ. තාම සිංහල බ්ලොග් කලාවට අලුත්නේ පස්සෙ පස්සෙ හරියයි. කොටින්ම තාම ක්‍රි ග්‍රි  ටයිප් කරගන්න හැටි දන්නෙනෑ යුනිකෝඩ් කන්වර්ටරයකින් තමයි දැනට ඒ අකුරු දෙක ගන්නෙ.


ලිපිය පිළිබදව අදහස් තියනවනම් ක‍මෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා.


ස්තුතියි

ඔන්න් මමත් පටන්ගත්තා බ්ලෝග් එකක්

 


මමත් දැන් කාලෙක ඉදන් සිංහලෙන් බ්ලොග් කියවන්න පටන්ගත්තා පස්සෙ  සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය දැකලා ආස හිතිලා මමත් මොනව හරි දෙයක් කරන්න ඕනෙ කියල හිතුවා. ඉතින් මමත් පුලුවන් විදිහට බ්ලොග් එකක් හදන්න පටන් ගත්තා. බ්ලෝග් එක හදන එකනම් ලේසී වගේ ඊට පස්සෙ ඒක හරියට කරන් යන එක තමයි වැඩේ. බලමු ඒකත් කරල.

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes | Best Web Hosting